යුරෝපා රටවල මෙන් නොව සමකාසන්න රටවල(ඝර්ම කලාපීය රටවල) ජීවත් වන අපට නිතර තද හිරු එලියට නිරාවරණය වීමට සිදුවෙනවා. මේ නිසා ශරීරයේ සම අධිකව වියලීම වගේම සම රැලි වැටීමත් දකින්නට පුළුවන්. හිරු එලිය නිසා වියලිව අඳුරු පැහැ ගත් සම නැවතත් කෙටි කලකින්ම පැහැපත් තත්වයට පත්කරගැනීමට ඔබට මේ ප්‍රතිකර්මය නිවසේදීම පහසුවෙන් කරගන්නට පුළුවන්. ඔබ දිනපතා තද හිරු එලියට නිරාවරණය වන කෙනෙක් නම් මෙය අනිවාර්යයෙන්ම රාත්‍රියට කිරීම වැදගත්.

අවශ්‍ය දෑ


තක්කාලි යුෂ මේස හැඳි 2ක් 
යෝගට් මේස හැඳි 1ක් 
දෙහි යුෂ මේස හැඳි 2ක්

මේ සියල්ල හොඳින් මිශ්‍ර කර පිරිසිඳු කර තෙත ඉවත් කරගත් මුහුණේ සහ ශරීරයේ විනාඩි 25 ආලේප කර තබා මද උණුසුම් වතුරින් සෝදා හරින්න. අවශ්‍ය නම් මොයිස්චරසින් ක්‍රීම් ස්වල්පයක් පසුව ආලේප කරන්න.