බොලිවුඩය මෙන්ම හොලිවුඩය ද ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඉර්ෆාන් ඛාන් අද(29) ජීවන රඟ මඩලට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු අද උදෑසන මුම්බායි හි ධිරුබායි අම්බානි රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව සඳහන් වනවා.
බොලිවුඩය මෙන්ම හොලිවුඩය ද ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඉර්ෆාන් ඛාන් අද(29) ජීවන රඟ මඩලට සමු දුන්නා. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු අද උදෑසන මුම්බායි හි ධිරුබායි අම්බානි රෝහලේදී අභාවප්‍රාප්ත වූ බව සඳහන් වනවා. සිය පවුලේ සාමාජිකයින් සියලු දෙනා පිරිවරා සිටි ඔහු සාමකාමී මරණයකට මුහුණ දුන් බව වාර්තා වනවා. මිය යන විට ඔහු 53 වැනි වියේ පසු වුණා.
1988 සලාම් බොම්බේ චිත්‍රපටයෙන් සිනමා ලෝකයට පිවිසි ඉර්ෆාන් ඛාන් එදා මෙදා තුර චිත්‍රපට 50කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. ඔහු අවසන් වරට රංගනයෙන් දායක වුණේ 2020 මාර්තු මස තිරගත වූ Angrezi Medium චිත්‍රපටයේ ය. හොඳම සහය නළුවා, හොඳම නළුවා ඇතුළු සම්මාන රැසක් දිනා ඇති ඉර්ෆාන් ඛාන් බොලිවුඩ් සිනමාවෙන් එපිට වැඩිම ජාත්‍යන්තර නිෂ්පාදන රැසකට සම්බන්ද වූ ඉන්දියානු රංගන ශිල්පියෙකු ලෙස හඳුන්වන්නට පුළුවන්. The Warrior, The Namesake, The Darjeeling Limited, Slumdog Millionaire, New York, I Love You, The Amazing Spider-Man, Life of Pi, Jurassic World, Inferno ඒ අතර ප්‍රධාන වනවා. සිය සිනමා දිවිය තුල සම්මාන 32ක් දිනා ඇති ඔහු පද්ම ශ්‍රී ගෞරව නාමයෙන් ද පිදුම් ලැබුවෙක්.
ඉර්ෆාන් ඛාන් ගේ අකල් වියෝව ගැන කම්පා වන බොලිවුඩ් ශිල්පීන් අතර අමිතාබ් බච්චන්, ටාප්සි පානු, අක්ශේ කුමාර්, අජය දේව්ගන්, පර්නීති චොප්රා, රන්දීප් හුඩා, රිතේෂ් දේශ්මුක්, රිතික් රෝෂන්, අනුපම් ඛේර්, ලතා මංගේෂ්කාර්, අනුෂ්කා ශර්මා ට්වීටර් පණිවිඩ මගින් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…