කන්ගනාගේ අලුත්ම උත්සාහය තවත් ක්‍රියාදාම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම. එයද සත්‍ය කතාවක් පාදක කරගත් එකක් බව සඳහන් වනවා. ඇයත් ඇගේ පිරිසත් මේ වන විටත් චිත්‍රපටයේ තිර පිටපත සමග කාර්යබහුල වෙලා.
2006 Gangster චිත්‍රපටයෙන් බොලිවුඩ් සිනමා ලෝකයට පිවිසුණු කන්ගනා රනෞට් තවම වයස අවුරුදු 32ක් වුණත් සමකාලීන අනෙකුත් නිළියන්ට වඩා වෙනස් මගක කෙනෙක්. පළමු චිත්‍රපටය තුලින්ම වසරේ හොඳම නවක නිලියට හිමි Filmfare සම්මානය දිනාගත් ඇය රිදී තිරයේ එකිනෙකට වෙනස් විවිධ චරිත නිරූපණයෙන් තම කුසලතා පෙන්වන්නට සමත් වුණා.
මනිකර්ණිකා 2019 වසරේ ඇගේ පළමු චිත්‍රපටය වුණා වගේම අධ්‍යක්ෂකවරියක ලෙස කන්ගනා දොරට වැඩි පළමු චිත්‍රපටය වුණා. ඉන්දීය නිදහස් සටනේ නොමැකෙන සටහනක් තැබූ කාන්තා චරිතයක් වන ජාන්සි හි රැජිණ රාණි ලක්ෂ්මි භායි ගේ ජීවන කතාව මේ මනිකර්ණිකා චිත්‍රපටයට පාදක වී තිබුනා. මෙහි ප්‍රධාන චරිතයද කන්ගනා රඟ දැක්වීම විශේෂයක් ඓතිහාසික වීර කතා පුවතක් මෙලෙස තිරයට නැගීම පහසු කරුණක් නොවුණත් කන්ගනා මෙහිදී රංගන ශිල්පිනියක ලෙස වගේම අධ්‍යක්ෂක වරියක ලෙසද සිය කාර්ය භාරය මැනවින් ඉටුකර තිබුණා.මනිකර්ණිකා ඉන්දීය රුපියල් කොටි 152ක් උපයා ගැනීම ඊට හොඳ සාක්ෂියක්.
කන්ගනාගේ අලුත්ම උත්සාහය තවත් ක්‍රියාදාම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම. එයද සත්‍ය කතාවක් පාදක කරගත් එකක් බව සඳහන් වනවා. ඇයත් ඇගේ පිරිසත් මේ වන විටත් චිත්‍රපටයේ තිර පිටපත සමග කාර්යබහුල වෙලා. නොබෝ දිනකින්ම ප්‍රචාරක පට මෙන්ම ඡායාරූප නිකුත්කිරීම ඔවුන්ගේ උත්සාහය. නිළියක, තිරපිටපත් රචිකාවක වගේම අධ්‍යක්ෂකවරියක ලෙසද විවිධ අංශවලින් සිය හැකියාව පෙන්වන කන්ගනාට අපේ සුබ පැතුම්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…