සුපිරි NBA පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් ඊයේ එනම් 26 වැනිදා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ කැලබසාස් හිදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා.
සුපිරි NBA පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් ඊයේ එනම් 26 වැනිදා කැලිෆෝර්නියා ප්‍රාන්තයේ කැලබසාස් හිදී සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ දියණිය වන ගියානා බ්‍රයන්ට් ද ඇතුළුව නවදෙනෙකු මේ අනතුරින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කෝබේ බ්‍රයන්ට් ට අයත් හෙලිකොප්ටරය කැලබසාස් ප්‍රදේශයේදී අධික මීදුම සහ වර්ෂාවට හසුවීමෙන් පාලනයෙන් තොරව ගොස් කඳු ප්‍රදේශයක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත්තේ.
මිය යන විට 41වන වියේ පසු වූ කෝබේ බ්‍රයන්ට් NBA ඉතිහාසයේ බිහිවූ සුපිරි පැසිපන්දු ක්‍රීඩකයින් අතර මුල් තැන පසු වූ අයෙක්. 1996 සිට 2016 තෙක් ක්‍රීඩා පිටිය සැරසු ඔහු පස් වතාවක් NBA ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. ඔහු නියෝජනය කළේ ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමයි. කෝබේ ගේ හදිසි වියෝව මුළු ලෝකයේම පැසි පන්දු ලෝලීන්ගේ දැඩි සංවේගයට හේතු වී තිබෙනවා.මැජික් ජොන්සන්, මයිකල් ජෝර්ඩන්, ශකීල් ඕ නීල්, ලීබෝර්න් ජේම්ස් ඇතුළු පැසිපන්දු තරු සියලු දෙනාම පාහේ ට්විටර් පණිවිඩ නිකත් කරමින් සිය දැඩි ශෝකය පළ කර තිබෙනවා. ඊයේ පවතී 2020 ග්‍රැමී සම්මාන උළෙලේ දී පවා කෝබේ ගේ හදිසි අභාවය වෙනුවෙන් ශෝකය පළ කළා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…