ආර්තවය කාන්තා උරුමයක්. නිරෝගී ආර්තවය කාන්තා අයිතියක්. ගැහැණියකගේ නිරෝගී ලිංගික ජීවිතය, ආර්තවය, ප්‍රජනන සෞඛ්‍යය සමාජ වගකීමක් වන්නේ එය නිරෝගී අනාගත පරපුරකට මග පාදන්නක් නිසා.Menstrual Hygiene Day(MH Day) – ඔසප් සනීපාරක්ෂක දිනය සෑම වසරකම මැයි 28වන දිනට යෙදී තිබෙනවා. මෙය 2014 දී NGO WASH United විසින් ආරම්භ කරන ලද්දේ ලොව පුරා විසිරුණු කාන්තාවන් සහ ගැහැණු ළමුන් අතර ගැටලුවක්ව පවතින ආර්තව දරිද්‍රතාවය පිටු දැකීමටත්, ඔසප් සමානාත්මතාවයක් ඇති කිරීමටත්. පරිසරය ගැන වෙනදාටත් වඩා සිතිය යුතු මේ කාලයේ කාන්තාවන් වීම නිසා අප පරිසර දුෂණයට දක්වන දායකත්වය අවම කිරීමට දැන් කාලය එළඹිලා. බැහැර ලන පරිසර දුෂණයට හේතුවන ආර්තව නිෂ්පාදන වෙනුවට පරිසර හිතකාමී නැවත නැවත භාවිතයට ගත හැකි ආර්තව නිෂ්පාදන වලට යොමුවන්න මේ කාලයයි. මේ වීඩියෝවේ මම හඳුන්වා දෙන එවැනි නිෂ්පාදන කීපයක් ගැන ඔබට දැන ගන්නට වගේම මිලදී ගන්නටත් පහත දක්වා ඇති link භාවිතා කරන්නට පුළුවන්. මේ එක් එක් නිෂ්පාදනය ගැන සවිස්තර වීඩියෝ පෙළක් මගේ #pinklist channel එක මගින් ළඟදීම…

**Diva cup Menstrual cups – https://divacup.com/

**Intimina Ziggy Cup – https://www.intimina.com/ziggy-cup

**Thinx Period Panties – https://www.shethinx.com/

Kamani LIVE!

නෙලුම් යාය පදනමේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකා, නීතිඥ රදිකා ගුණරත්න(Radika Gunaratne) සමග ආර්තව දිළිඳුකම/ඔසප් සමානාත්මතාවය(Period Poverty & Menstrual Equity) පිලිබඳ කතා බහක්…