හොලිවුඩයේ විවිධ උළෙලවල පවා කැපී පෙනෙන චරිතයක් විදියට ප්‍රියංකා චොප්රා හඳුන්වන්නට පුළුවන්. විලාසිතා ලෝකයේ මහා මංගල්‍යයක් විදියට සැලකෙන Met Gala වෙනුවෙන් ඇය සහභාගී වන්නේ තුන්වන වරට. 2019 Met Gala හි ඇය හා ඇගේ සැමියා වන නික් ජොනාස් ඉදිරිපත් කළ විලාසිතා කාගේත් සිත් ඇද බැඳ ගන්නට සමත් වුණා.
Indian actress Priyanka Chopra and US singer Nick Jonas arrive for the 2019 Met Gala at the Metropolitan Museum of Art on May 6, 2019, in New York. - The Gala raises money for the Metropolitan Museum of Arts Costume Institute. The Gala's 2019 theme is Camp: Notes on Fashion" inspired by Susan Sontag's 1964 essay "Notes on Camp". (Photo by ANGELA WEISS / AFP) (Photo credit should read ANGELA WEISS/AFP/Getty Images)
ප්‍රියංකා චොප්රා 2000 වසරේ ලෝක රූ රැජිණ වගේම බොලිවුඩයේ සිටින ජනප්‍රිය වගේම ප්‍රවීණ, දක්ෂ නිලියක්. එතනින් ඔබ්බට ගිහින් බටහිර සංගීත ලෝකය වගේම හොලිවුඩ් තිරය ජයගන්නට පවා ඇය සමත් වුණා. හොලිවුඩයේ විවිධ උළෙලවල පවා කැපී පෙනෙන චරිතයක් විදියට ප්‍රියංකා චොප්රා හඳුන්වන්නට පුළුවන්. විලාසිතා ලෝකයේ මහා මංගල්‍යයක් විදියට සැලකෙන Met Gala වෙනුවෙන් ඇය සහභාගී වන්නේ තුන්වන වරට. 2019 Met Gala හි ඇය හා ඇගේ සැමියා වන නික් ජොනාස් ඉදිරිපත් කළ විලාසිතා කාගේත් සිත් ඇද බැඳ ගන්නට සමත් වුණා. Dior නම් ලොව ප්‍රකට සන්නාමය යටතේ නිමවූ විනිවිද පෙනෙන සුළු දිලිසෙන අපූරු විලාසිතාවකින් ප්‍රියංකා මෙහිදී සැරසී සිටියා. සාමාන්‍යයෙන් අඟ පසඟ නිරාවරණය වන ආකාරයේ විලාසිතා බටහිර තරු අතර සුලබව දකින්නට පුළුවන් නමුත් ඔවුන්ට නොදෙවැනිව ඇය ඉදිරිපත් කළ, සුරංගනා කතාවක චරිතයක් සිහිගැන්වෙන මෙම සරාගී විලාසිතාව කාගේත් සිත් ගත්තා. බොලිවුඩ් තරු ජාත්‍යන්තරය තුල ඉදිරියට යන මේ ගමන අපේ අලුත් පරම්පරාවටද ආදර්ශයක්.
Photo Credit : www.gettyimages.com / Priyanka Chopra FB Page
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…