Zest Girls Sri Lanka සමග නිබඳවම රැඳී සිටින අපේ රසිකාවියක්, සොයුරියක් සහරා අල්විස්. මේ Zest Girls වෙනුවෙන් ඇය One-piece Swimsuit ගැන ලියූ විශේෂ ලිපි පෙළේ දෙවැනි කොටස.

අද ලිපියෙන් අපි One Piece Swimsuit එකක් නිවැරදිව, තමන්ට ගැලපෙන අයුරින් තෝරාගන්නේ කෙසේදැයි විමසා බලමු.

One Piece Swimsuit ඇඳුමක් තෝරාගැනීමේදී මූලික වශයෙන් අවධානය යොමුකළ යුතු කොටස් හතරක් තිබේ.

  1. Front Cut
  2. Back Cut
  3. Leg Opening
  4. Butt Area

මිලදී ගැනීමට: Spaghetti Strap Tummy Control One Piece Swimwear

Front Cut

Front Cut යනු පපු ප්‍රදේශය වැසී ඇති ආකාරයයි. පිහිනුම් ක්‍රීඩාවේ නිරතවන්නියන්ගේ මෙය සම්පූර්ණයෙන් වැසීයන ආකාරයෙන් උස් ලෙස (High Cut) පිහිටයි. Monokini වැනි One Piece Swimsuit එකකදී මෙය Low Cut ලෙස බොහෝ සෙයින් විවෘතව පවතී.

Back Cut

Back Cut යනු පිට ප්‍රදේශය සැකසී ඇති ආකාරයයි. Back Cut වර්ග විවිධ වේ.

U-Back: ඉංග්‍රීසි හෝඩියේ U අකුර හැඩයෙන් පිට විවුර්තය. High Cut නම් පිට සම්පූර්ණයන්ම ආවරණය වී ඇති අතර, Half Back නම් පිට භාගයක් විවෘතය. Low Cut යනු පිට සම්පූර්ණයන් විවෘතව වන අතර මෙය 80 දශකයේ වඩාත් ජනප්‍රිය back opening වර්ගය වේ. මුහුදු වෙරලේ භාවිතයට මෙම U-Back opening වර්ගය ඉතා සුදුසුය. 

X-Back: Low Cut Opening වර්ගයක් වන අතර පිට හරහා X අකුර හැඩයෙන් පටි දෙකක් ගමන් කරයි. පිහිනුම් ක්‍රීඩාවේ නිරතවන්නියන්ගේ ප්‍රියතම back opening වර්ගය වේ. එලෙස පටි යොදා ඇත්තේ ක්‍රීඩාවේදී ඇඳුම ගැලවී යා නොහැකි පරිද්දෙනි.

Keyhole Back: මෙයද X-Back Opening වර්ගයක් වන අතර පටිදෙක ඉතා පළලය. මෙය Half-Back වර්ගයට ඉතාමත් ළඟ විලාසිතාවකි.

T-Back: High Cut opening වර්ගයක්‌ වන අතර පළල් T අකුර හැඩති පටියක් ඇත. Water Polo ක්‍රීඩාවේ නිරතවන්නියන් මෙය අඳිනු ලබයි.

Leg Opening

Leg Opening එක අනුව දෙකකුල් ප්‍රදේශය කොපමණ නිරාවරණය වන්නේදැයි තීරණය කළ හැකිය.

Kneeskin: දණහිස දක්වා tight එකක් ලෙස ආවරණය වනු ලබයි.

Boy-leg: Kneeskin ඇඳුමට වඩා තම දෙකකුල් විවෘතව පවතී. පිරිමි ළමයකුගේ කොට කලිසමක් ලෙස හැඳින්වෙන්නේ එම නිසාවෙනි.

V-Cut: රහසඟ අසලින් V අකුර හැඩයෙන් දෙකකුල් විවෘතය. Low Cut යනු එතරම් උස් ලෙස නිරාවරණය වීමක් නොවේ. High Cut යනු V අකුරේ කෝණය ඉතාම අඩු වීමකි. පිහිනුම් ක්‍රීඩාවේ නීතියක් ලෙස ඉඟට ඉහලින් V-Cut එක ගමන් නොකළ යුතුය.

Butt Area

නිතඹ ප්‍රදේශය කෙතරම් විවෘතව පවතීද යන්න මෙහිදී සලකා බැලේ. V-Cutහී පසුපස පෙදෙසයි.

Full Back: නිතඹ සම්පූර්ණයන් ආවරණය වී පවතී.

Half Back: නිතඹ ආවරණය වී පවතින්නේ භාගයකි. පිහිනුම් ක්‍රීඩාවේ නිරතවන්නියන්ගේ ප්‍රියතම Butt Opening වර්ගය වේ.

Brazilian Cut: නිතඹ ආවරණය වී පවතින්නේ 1/3 කි. මුහුදු වෙරල සඳහා වඩාත් සුදුසුය.

Thong: නිතඹ සම්පූර්ණයෙන් විවෘතව පවතී. සිහින් පටියක් තට්ටම් දෙක අතරින් ගමන් කිරීමෙන් පමණක් ආවරණය වේ.

මිලදී ගැනීමට: Red Lattice Front Strappy Back One Piece Swimwear

ඉහත කී ඕනෑම වර්ගයක සම්මිශ්‍රණයෙන් One Piece Swimsuit වර්ගයේ පිහිනුම් ඇඳුමක් සමන්විත වනු ලබයි. එවැනි පිහිනුම් ඇඳුමක් සඳහා skirt එකක් මසා තිබේනම් එය One Piece Swimsuit එකක් ලෙස හඳුන්වනු නොලැබේ. එය හඳුන්වනුයේ Swimdress වර්ගයේ පිහිනුම් ඇඳුමක් ලෙසයි. එහෙත් ලාංකික අප බොහෝ දෙනෙක් එය හඳුන්වන්නේ තවත් එක්‌ One Piece Swimsuit එකක් ලෙසය.

Background photo created by freepik – www.freepik.com