ඇෆ්ඝන් ආක්‍රමණිකයින්ට එරෙහිව 1761දී සිදු වූ ඓතිහාසික පනිපට් සටන මෙහෙයවූ රණ ශූරයෙකු වූ සදාශිව් රාඕට වයස අවුරුදු 30ක තරම් අඩු ජීවිත කාලයක සිය තුරුණු ජීවිතය මව් බිම වෙනුවෙන් පුද දෙන්නට වුණා. ආශුතොෂ් ගොවාරිකර්ගේ පනිපට් චිත්‍රපටය ඔහුගේ කතා පුවතයි.
මරාථා රට ජනයා භය නම් අසා නැති තරම්ය. සටන් බිමේදී ජය හෝ ප්‍රතිවාදියාගේ විනාශය මිස අතපය අහිමි වුවද, දිවි අහිමි වුවද පසු බස්නා පුරුද්දක් ඔවුනට නැත. මේ එවැනි මරාති යුධ වීරයෙකුගේ කතා පුවතයි. ඒ සදාශිව් රාඕ භෞ පේශ්වා සෙන්පතියාගේ කතා පුවතයි. ඇෆ්ඝන් ආක්‍රමණිකයින්ට එරෙහිව 1761දී සිදු වූ ඓතිහාසික පනිපට් සටන මෙහෙයවූ රණ ශූරයෙකු වූ සදාශිව් රාඕට වයස අවුරුදු 30ක තරම් අඩු ජීවිත කාලයක සිය තුරුණු ජීවිතය මව් බිම වෙනුවෙන් පුද දෙන්නට වුණා. ආශුතොෂ් ගොවාරිකර්ගේ පනිපට් චිත්‍රපටය ඔහුගේ කතා පුවතයි.
Historical period drama ගණයේ නිර්මාණයක් වන පනිපත් ප්‍රධාන චරිතය අර්ජුන් කපූර් විසින් රඟ දක්වනු ලබනවා. ඒ වෙනුවෙන් ඔහුට අපමණ කැප කිරීම් කරන්නට සිදු වූ බව අප මීට පෙර ලිපියක සඳහන් කළා ඔබට මතක ඇති.ස්වභාවයෙන්ම ස්ථුල ඔහුගේ සිරුර රණ ශුරයෙකුගේ චරිතයට උචිත සේ සකසා ගැනීමට බොහෝ ව්‍යායාම සේම ආහාර පාලනයේ යෙදීමට ඔහුට සිදුවුණා. චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන අහමද් ශා අබ්දාලිගේ චරිතය නිරූපනය කරන්නේද සුළු පටු අයෙකු නම් නොවේ. ඒ ප්‍රවීණ නළු සංජය දත්. ඊට අමතරව ක්‍රිති ශැනන්, පද්මිණි කොල්හපූර්, සීනත් අමාන්, ශාහිල් සලාතියා සහ මොහ්නිෂ් භාල් සෙසු ප්‍රධාන චරිත රඟ දක්වනු ලබනවා. ආශුතොෂ් ගොවාරිකර්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සුනීතා ගොවාරිකාර්, රෝහිත් ශේලාත්කාර් නිෂ්පාදනයෙන් නිර්මාණය වන පනිපත් ඉන්දියානු රුපියල් කොටි 100ක පිරිවැයක් දරා නිපදවා තිබෙනවා. දෙසැම්බර් මස 06 තිරගත වීම ඇරඹි මෙම පනිපත් ඔබටත් ඔබේ ලඟම EAP මණ්ඩලයේ සිනමා හල් මගින් නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.
**To book tickets online : Click Here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…