මේ වසරේ ඊද් උත්සවය වෙනුවෙන් සලමන් තම අලුත්ම සිනමා පටය එලි දක්වනවා. ඒ "භාරත්". 2014දී තිරගත වුණු Ode to My Father නම් දකුණු කොරියානු චිත්‍රපටය ඇසුරෙන් මෙය නිපදවා තිබෙනවා.
බොහෝ ඉන්දියානු සිනමා නිර්මාණවල මතු කරන්න උත්සාහ ගන්නා එක හොඳ පොදු සංකල්පයක් තිබෙනවා. තම මව හා සමාන මව්බිම කෙරෙහි ඇති අභිමානය වගේම ආලය. හින්දු වේවා… මුස්ලිම් වේවා… එකම භාරත ධජයක් යටතේ ඉදිරියට යමු යන තේමාව මේ නිර්මාණවල ගැබ් වී තිබෙනවා. අබ්දුල් රාශිඩ් සලීම් සලමන් ඛාන් නැතිනම් අපි කාගේත් හිත දිනාගත් සලමන් ඛාන් නැතිනම් සාලු උපතින් භක්තිමත් ඉස්ලාම් භක්තිකයෙකු වුණත් මුළු හදින්ම ඉන්දියානුවෙක්. සලමන් ඛාන් විසින් තම නිෂ්පාදන සන්නාමය Salman Khan Films යටතේ නිපදවූ බොහෝ චිත්‍රපටවල මේ දේශාභිමානි හැගීම ගැබ්ව තිබුණා. Bajrangi Bhaijaan, Tubelight ඊට හොඳ උදාහරණ.
මේ වසරේ ඊද් උත්සවය වෙනුවෙන් සලමන් තම අලුත්ම සිනමා පටය එලි දක්වනවා. ඒ “භාරත්“. 2014දී තිරගත වුණු Ode to My Father නම් දකුණු කොරියානු චිත්‍රපටය ඇසුරෙන් මෙය නිපදවා තිබෙනවා. 1947 ඉන්දියාව නිදහස ලබන්නේ බටහිර ජාතීන්ගේ උගුලක පැටලෙන ගමන්මයි. ඒ ජාතිවාදී උගුල. ඒ අනුව මහා භාරතය ඉන්දියාව හා පාකිස්ථානය ලෙස දෙකඩ වනවා. පවුල් වෙන් වුණා. ගම් දෙකඩ වුණා. දෙපැත්තකට බෙදුණා. බෙදුණු සිතුවිල්ලෙන් හදා ගත් බෙදුම්වාදය අද දක්වා දෙරටටම සාපයක් වෙලා. භාරත් මෙවැනි කතාවක් පදනම් කරගත්තක්. 1947 බෙදී වෙන්වී යන පියෙකු හා පුතෙකු වටා ගෙතුණු කතාවක්. සිය පවුල නැවත එක කිරීමට උත්සාහ කරන භාරත්ගේ කතාව වසර 60-70 පුරා ගෙවී යන්නේ විවිධ මුහුණුවර ලබමින්.
මේ වසරේ ඊද් දවසේ එනම් ජුනි 5වැනිදා තිරගත වීම අරඹන “භාරත්” හි ප්‍රධාන චරිත නිරූපණය සලමන් ඛාන්, කත්‍රිනා කායිෆ්, තාබු, දීෂා පටානි, සුනිල් ග්රෝවර් සහ ජැකී ශ්රෝෆ් ගෙන්. Ali Abbas Zafar අධ්‍යක්ෂණය කරන මෙහි නිෂ්පාදනය Reel Life Production වෙනුවෙන් අතුල් අග්නිහොත්‍රී සහ අල්වීරා ඛාන් අග්නිහොත්‍රී, Salman Khan Films සහ T-Series වෙනුවෙන් භූෂාන් කුමාර් සහ කිෂන් කුමාරගෙනි. භාරත් හි සංගීත අධ්‍යක්ෂණය විශාල් සහ ශේකර් ගෙනි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…