Bollywood

සලමන්ගෙන් භාරතයට තිළිණයක් – “භාරත්”

මේ වසරේ ඊද් උත්සවය වෙනුවෙන් සලමන් තම අලුත්ම සිනමා පටය එලි දක්වනවා. ඒ "භාරත්". 2014දී තිරගත වුණු Ode to My Father නම් දකුණු කොරියානු චිත්‍රපටය ඇසුරෙන් මෙය නිපදවා තිබෙනවා.

බොහෝ ඉන්දියානු සිනමා නිර්මාණවල මතු කරන්න උත්සාහ ගන්නා එක හොඳ පොදු සංකල්පයක් තිබෙනවා. තම මව හා සමාන මව්බිම කෙරෙහි ඇති අභිමානය වගේම ආලය. හින්දු වේවා… මුස්ලිම් වේවා… එකම භාරත ධජයක් යටතේ ඉදිරියට යමු යන තේමාව මේ නිර්මාණවල ගැබ් වී තිබෙනවා. අබ්දුල් රාශිඩ් සලීම් සලමන් ඛාන් නැතිනම් අපි කාගේත් හිත දිනාගත් සලමන් ඛාන් නැතිනම් සාලු උපතින් භක්තිමත් ඉස්ලාම් භක්තිකයෙකු වුණත් මුළු හදින්ම ඉන්දියානුවෙක්. සලමන් ඛාන් විසින් තම නිෂ්පාදන සන්නාමය Salman Khan Films යටතේ නිපදවූ බොහෝ චිත්‍රපටවල මේ දේශාභිමානි හැගීම ගැබ්ව තිබුණා. Bajrangi Bhaijaan, Tubelight ඊට හොඳ උදාහරණ.

Credit : www.hindustantimes.com

මේ වසරේ ඊද් උත්සවය වෙනුවෙන් සලමන් තම අලුත්ම සිනමා පටය එලි දක්වනවා. ඒ “භාරත්“. 2014දී තිරගත වුණු Ode to My Father නම් දකුණු කොරියානු චිත්‍රපටය ඇසුරෙන් මෙය නිපදවා තිබෙනවා. 1947 ඉන්දියාව නිදහස ලබන්නේ බටහිර ජාතීන්ගේ උගුලක පැටලෙන ගමන්මයි. ඒ ජාතිවාදී උගුල. ඒ අනුව මහා භාරතය ඉන්දියාව හා පාකිස්ථානය ලෙස දෙකඩ වනවා. පවුල් වෙන් වුණා. ගම් දෙකඩ වුණා. දෙපැත්තකට බෙදුණා. බෙදුණු සිතුවිල්ලෙන් හදා ගත් බෙදුම්වාදය අද දක්වා දෙරටටම සාපයක් වෙලා. භාරත් මෙවැනි කතාවක් පදනම් කරගත්තක්. 1947 බෙදී වෙන්වී යන පියෙකු හා පුතෙකු වටා ගෙතුණු කතාවක්. සිය පවුල නැවත එක කිරීමට උත්සාහ කරන භාරත්ගේ කතාව වසර 60-70 පුරා ගෙවී යන්නේ විවිධ මුහුණුවර ලබමින්.

මේ වසරේ ඊද් දවසේ එනම් ජුනි 5වැනිදා තිරගත වීම අරඹන “භාරත්” හි ප්‍රධාන චරිත නිරූපණය සලමන් ඛාන්, කත්‍රිනා කායිෆ්, තාබු, දීෂා පටානි, සුනිල් ග්රෝවර් සහ ජැකී ශ්රෝෆ් ගෙන්. Ali Abbas Zafar අධ්‍යක්ෂණය කරන මෙහි නිෂ්පාදනය Reel Life Production වෙනුවෙන් අතුල් අග්නිහොත්‍රී සහ අල්වීරා ඛාන් අග්නිහොත්‍රී, Salman Khan Films සහ T-Series වෙනුවෙන් භූෂාන් කුමාර් සහ කිෂන් කුමාරගෙනි. භාරත් හි සංගීත අධ්‍යක්ෂණය විශාල් සහ ශේකර් ගෙනි.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago