බොලිවුඩයේ රජු ශාරුක් ඛානුත් දේශපාලන වැඩවලට බැහැලා ! හැබැයි ඡන්දෙට ඇවිත් දේශපාලනේ කරලා මෙතුවක් කල් හදාගෙන තිබුණු හොඳ නම නැතිකරගන්න නම් නොවෙයි.
තරු …සිනමාවේ වේවා..ක්‍රීඩාවේ වේවා තරු දේශපාලන පිටියට වගේම වේදිකාවට ගොඩවන අවස්ථා අපේ රටේ වගේම විදෙස් රටවලත් ඕනෑ තරම් අපට හමුවී තිබෙනවා. වත්මන් පකිස්තානු අගමැති හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්. තමිල්නාඩුවේ ඇමති M G රාමචන්ද්‍රන්, ජයලලිතා ජයරාම්. අපේ රටේ වුණත් අර්ජුන රණතුංග, ජීවන් කුමාරණතුංග, රන්ජන් රාමනායක, ගාමිණී ෆොන්සේකා. අකාලයේ ජීවිතයෙන් සමුගත්, දේශපාලන ලෝකයේ දිගු ගමනක් යෑමට පෙරුම්පිරූ කලාකරුවා…විජය කුමාරණතුංග මහතා. වෙනත් දේශපාලකයින්ට සහයට කලාකරුවන් දේශපාලන වේදිකාවට නගින අවස්ථා නැතුවද නොවේ.
බොලිවුඩයේ රජු ශාරුක් ඛානුත් දේශපාලන වැඩවලට බැහැලා ! හැබැයි ඡන්දෙට ඇවිත් දේශපාලනේ කරලා මෙතුවක් කල් හදාගෙන තිබුණු හොඳ නම නැතිකරගන්න නම් නොවෙයි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ ඉල්ලීමට අනුව ඡන්දය භාවිත කිරීමේ වැදගත්කම ගැන පුරවැසියන්ට වටහලා දෙන්න. ජනතාවගේ පරමාධිපත්‍ය ප්‍රකාශ කෙරෙන ප්‍රධාන අවස්ථාවක් වන ඡන්දය භාවිතා කිරීම සෑම පුරවැසියෙකුගේ යුතුකමක් කියලා කියා දෙන රැප් ගීතයක් තම නිෂ්පාදන සමාගම වන Red Chillies Entertainment මගින් නිකුත් කරන්න කිංග් ඛාන් කටයුතු කළා. මේ ඒ රැප් ගීතයයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…