වසර 7කට පසුව Student of the year 2 හින්දි චිත්‍රපට රසිකයන් අතරට එන්නට සුදානම්. සුපුරුදු ලෙසම කරන් ජොහාර්ගේ ධර්මා ප්‍රොඩක්ෂන් යටතේ වගේම Fox Star Studio නිෂ්පාදනයෙන් දායක වන මෙහි අධ්‍යක්ෂණය තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන පුනිත් මල්හොත්රාගෙන්.
2012 වසරේදී කරන් ජොහාර්ගේ ධර්මා ප්‍රොඩක්ෂන් සහ ශාරුක් ඛාන් ගේ රෙඩ් චිලීස් ලේබල යටතේ එලි දක්වපු Student of the year එම වසරේ ගොඩක් කතාබහට ලක් වුණු චිත්‍රපටයක් වුණා. සිද්ධාර්ත් මල්හෝත්‍ර, වරුන් ධාවන් සහ ආලියා බාත් කරලියට ගෙනා මෙම චිත්‍රපටය පාසල් වියේ පසු වූ හැඩකාර, දඟකාර යෞවන යෞවනියන් පිරිසක් වටා ගෙතුණු අපූරු කතා පුවතක්. සිද්ධාර්ත්, වරුන් සහ ආලියා තිදෙනාම හින්දි සිනමා රසික රසිකාවියන් අතර කතා බහට ලක්වන චරිත කරන්නට වගේම සම්මාන උළෙල රැසක් නියෝජනය වන්නට Student of the year සමත් වුණා.
වසර 7කට පසුව Student of the year 2 හින්දි චිත්‍රපට රසිකයන් අතරට එන්නට සුදානම්. සුපුරුදු ලෙසම කරන් ජොහාර්ගේ ධර්මා ප්‍රොඩක්ෂන් යටතේ වගේම Fox Star Studio නිෂ්පාදනයෙන් දායක වන මෙහි අධ්‍යක්ෂණය තරුණ අධ්‍යක්ෂකවරයෙකු වන පුනිත් මල්හොත්රාගෙන්. හැඩ සහ වැඩ දෙකෙන්ම රසික හදවත් දිනා ගත් ටයිගර් ශ්රෝෆ් ප්‍රධාන චරිතය නිරූපණය කරන Student of the year 2 මෙවර සරාගී සුරූපී නවක නිලි යුගලක් හඳුන්වා දෙන්නට සුදානම්. ඒ තාරා සුතාරියා සහ අනන්‍යා පාන්ඩේ. සුපිරි හොලිවුඩ් නළුවෙකු මෙන්ම රැප් සංගීත ශිල්පියෙකු වන විල් ස්මිත් වගේම Student of the year 1 මගින් කල එලි බැසපු ආලියා භාත් මේ විශේෂ චරිත නිරූපණය කරනු ලබනවා ඇති. සුපුරුදු ලෙසම සංගීත අධ්‍යක්ෂණය විශාල් සහ ශේකර්ගෙන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…