සුවඳට කවුරුත් කැමතියි. සුවඳ විලවුන් වලට ගැහැණු-පිරිමි, බාල-තරුණ-මහලු බේදයක් නැතිව අපි කැමති ඒ නිසා. අද ඔයාලට කියන්න අරගෙන ආවේ 2021 වසරේ හොඳම කාන්තා සුවඳ විලවුන් වර්ග 10 ගැනයි. beautypert.com වෙබ් අඩවිය වැඩිම අලෙවියක් තියන කාන්තා සුවඳ විලවුන් වර්ග 93ක් අතරින් 2021 වසරේ හොඳම විලවුන් වර්ග 10 විදියට සුවඳ, සුවඳ පවතින කාලය, සාදාරණ මිල යන කරුණු මත තෝරා ගෙන තිබෙන්නේ මේ වර්ග 10යි.

10) Juicy Couture Viva La Juicy Gold Couture

2014 දී Honorine Blanc විසින් Juicy Couture වෙනුවෙන් නිපදවන ලද Viva la Juicy Gold Couture Floral Fruity Gourmand(ආහාර සුවඳ වර්ග) ගණයේ විලවුන් වර්ගයක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි top notes කැලෑ බෙරි සුවඳින් ද, middle notes හනිසකල් සහ පිච්ච මල් සුවඳින් ද, base notes කැරමල්, වැනිලා, ඇම්බර් සහ සඳුන් සුවඳින් සමන්විතයි. බොහෝ විට යෞවනියන්ට මේ වර්ගය හොඳින් ගැලපෙන එකක් කියන්න හැකියි. විශේෂ ආදරණීය හමුවකට, රාත්‍රී සාදයන්ට මේ විලවුන් වර්ගය ගැලපෙනවා.


09) Jean Paul Gaultier Scandal

2017දී Jean Paul Gaultier නිකුත් කළ Scandal නිර්මාණය කරන ලද්දේ ජනප්‍රිය විලවුන් නිර්මාණ ශිල්පීන් වන Daphne Bugey, Fabrice Pellegrin සහ Christophe Raynaud විසින්. මෙය Chypre Floral ගණය ට එනම් පැඟිරි සුවඳ මුසු මල් සුවඳින් සමන්විත එකක්. මෙහි top notes Blood Orange සහ Mandarin Orange වලින් ද, middle notes මී පැණි, ගාඩිනියා, දොඩම් මල්, පිච්ච සහ පීච් වලින් ද base notes මී ඉටි, Patchouli, කැරමල් සහ Licorice වලින් සමන්විතයි. සරාගී, සිත් ඇදගන්නා සුවඳකින් යුතු මේ විලවුන් වර්ගය වඩාත් ගැලපෙන්නේ යොවුන් වියේ අයටයි. රාත්‍රී සම්භාෂණ, clubbing, ආදරණීය හමුවන්ට ගැලපෙන දිගු කල් පවතින සුවඳක් මෙහි තිබෙනවා. Scandal Night, Scandal Paris, Scandal EDP ලෙස තවත් වර්ග කීපයක් දකින්න පුළුවන්.


08) Dior Miss Dior EDP

2017දී Christian Dior වෙනුවෙන් Miss Dior Eau de Parfum නිපදවන ලද්දේ Francois Demachy විසින්. මේ විලවුන් වර්ගයත් Chypre Floral ගණයේ එකක්. මෙහි top notes Pink Pepper, Blood Orange, Sweet Orange, Mandarin Orange, Calabrian bergamot සහ Lemon වලින්ද, middle notes Grasse Rose, Damask Rose සහ Jasmine Leaf වලින්ද, base notes Patchouli සහ Palisander Rosewood වලින්ද සැකසී තිබෙනවා. ඉහලම සුවඳකින් යුතු විලවුන් වර්ගයක් වන මෙය තරමක් සරාගී හැඟීම් ඇති කරන එකක් ලෙස කීවාට වරදක් නැහැ.


07) Tiffany & Co. Tiffany Intense EDP

Tiffany 2018 දී නිකුත් කළ Tiffany & Co Intense Amber Floral වර්ගයේ විලවුන් විශේෂයක් ලෙස හඳුන්වන්න පුළුවන්. Daniela Andrier නිපදවන ලද මේ විලවුන් වර්ගය උසස්ම තත්වයේ සුවඳකින් යුතු එකක් බව බොහෝ දෙනා අවිවාදයෙන් පිළිගන්නක්. පැඟිරි කුලයේ සුවඳ අතරින් එන මල් සුවඳත් ඊට මුසු ඇම්බර් සුවඳත් නිසා ඊටම ආවේණික හිත් ඇද ගන්නා සුවඳ විලවුන් විශේෂයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙහි top notes පෙයාර්ස්, ජමනාරන් කොළ සහ රෝස ගම්මිරිස් වලින්ද, middle notes අයිරිස්, රෝස සහ පිච්ච වලින්ද, base notes මස්ක්, කාශ්මෙරාන්, බෙන්සොයින්, වැනිලා, කැරට් සහ ඇම්බර් වලින් සමන්විතයි.


06) Elie Saab Girl of Now

2017 නිකුත් කළ Girl of Now තවත් Amber Floral වර්ගයේ විලවුන් විශේෂයක්. Elie Saab වෙනුවෙන් මෙය නිර්මාණය කරන ලද්දේ Dominique Ropion සහ Sophie Labbe විසින්. තරුණ, කෙළිලොල් අද කාලයේ කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය කර ඇති මේ Girl of Now මේ වර්ගයට සුපුරුදු සුවඳට ඔබ්බෙන් ගිය ඊටම ආවේණික මතකයේ රැඳෙන සුවඳකින් යුතු එකක් ලෙස බොහෝ දෙනා පවසන්නේ. මෙහි top notes Pistachio, Pear සහ Mandarin Orange වලින්ද, middle notes Almond, Orange Blossom සහ Magnolia වලින්ද, base notes Almond Milk, Tonka Bean, Cashmeran සහ Patchouli වලින් සැකසී තිබෙනවා.


05) Lancôme La Vie Est Belle L’Éclat EDP

තවත් Amber Floral විලවුන් විශේෂයක් මේ La Vie Est Belle L’Éclat EDP. Lancome සන්නාමයෙන් 2018 නිකුත් වන මේ සුවඳ විලවුන් වර්ගය නිර්මාණය කරන ලද්දේ Anne Flipo සහ Dominique Ropion විසින්. දොඩම් මල් සුවඳ කැටි වූ නැවුම්, මිහිරි, සරාගී සුවඳක් ඇති විලවුන් විශේෂයක් වන La Vie Est Belle L’Éclat EDP දිගු වෙලාවක් සුවඳ රැඳෙන්නක්. මෙහි top notes Mandarin Orange, Grapefruit, Bergamot, Tea සහ Pink Pepper වලින් ද, middle notes Orange Blossom, Neroli, Jasmine සහ iris වලින්ද, base notes usk, Ambroxan, Patchouli සහ Tahitian Vanilla වලින් සාදා තිබෙනවා.


04) Dolce & Gabbana Light Blue Eau Intense

Floral Fruity සුවඳින් යුතු Light Blue Eau Intense 2017දී Dolce&Gabbana නිකුත් කළේ එහි Perfume වර්ගයට පසුවයි. උදෑසන සහ දිවා කාලය සඳහා හොඳින් ගැලපෙන මෙය හිත ඇදගන්නා චාම්, එහෙත් මතකයේ රැඳෙන සුවඳකින් යුතු එකක්. Olivier Cresp නිර්මාණය කරන ලද Light Blue Eau Intense හි top notes Lemon සහ Granny Smith apple වලින්ද, middle notes Jasmine සහ Marigold වලින් ද, base notes Musk සහ Amberwood වලින් සාදා තිබෙනවා.


03) Chanel Coco Mademoiselle EDP

වෙළඳපොලේ ඔබට හමුවන හිත රැඳෙන සුවඳ ඇති විලවුන් කීපය අතර අනිවාර්යයෙන් ම තිබෙන එකක් විදියට මේ Chanel Coco Mademoiselle EDP හඳුන්වන්න පුළුවන්. Amber White Floral ගණයේ විලවුන් වර්ගයක් වන මෙය නිර්මාණය කරන ලද්දේ Jacques Polge විසින්. සෑම වසරකම ඉහලම අලෙවියක් ඇති මේ Coco Mademoiselle EDP බොහෝ විලවුන් ලෝලීන්ගේ එකතුවල අනිවාර්යයෙන් ම තිබෙන්නක්. උදෑසන සහ දිවා කාලයට වඩා යෝග්‍ය වනවා. හිත රැඳෙන White Floral සුවඳ සරාගී සුවන්දකට වඩා ඔබේ වෘත්තීය අගය ඉහල නංවන චාම් එකක්. මෙහි top notes Bergamot, Orange සහ Grapefruit වලින් ද, middle notes Rose, Litchi සහ Jasmine වලින් ද, base notes Patchouli, Vanilla, Musk සහ Vetiver වලින්ද සමන්විත වනවා.


02) Parfums de Marly Delina

විලවුන් ලෝකයේ මනාලිය නැතිනම් මනාලියකට ගැලපෙන හොඳම විලවුන් වර්ගය ලෙස මේ Delina හඳුන්වන්න පුළුවන්. ටිකක් මිල අධික වර්ගයක් වුණත් ගෙවන මුදල ට වටිනා ඊටම අනන්‍ය සුවඳකින් යුතු එකක්. ප්‍රධානවම Floral වර්ගයේ එකක් ලෙස හැඳින්වුවත් Fruity සම්මිශ්‍රණයක් නැතිවාම නොවේ. 2017දී ප්‍රංශයේ Parfums de Marly වෙනුවෙන් මෙය නිර්මාණය කරන ලද්දේ Quentin Bisch විසින්. සරාගී බව කැටි වුණු අතිශය ආකර්ශනීය සුවඳක් ඇති Delina හි top notes Litchi, Rhubarb, Bergamot සහ Nutmeg වලින්ද, middle notes Turkish Rose, Peony, Musk, Petalia සහ Vanilla වලින් ද, base notes Cashmeran, Cedar, Haitian Vetiver සහ Incense වලින් ද සෑදී තිබෙනවා.


01) Lancôme La Nuit Tresor EDP

Credit: Beautybox

මේ 2021 වසරේ අපේ ලැයිස්තුවේ ජයග්‍රාහකයා. මේ La Nuit Tresor Lancome දහවල් කාලයට නම් ගැලපෙන එකක් නොවේ. රාත්‍රී කාලයට ම සාදා ඇති මේ විලවුන් සුවඳ මුළු රැයම සොරා ගන්නට සමත් එකක් කිව්වොත් බොරුවක් නොවේ. අතිශය සරාගී, කාමුක හැඟීම් ඇති කරන්නට සමත් සුවඳක්. මෙය සීතල කාල සඳහා වඩා සුදුසු වනවා. 2015දී Lancome වෙනුවෙන් මෙය නිර්මාණය කරන ලද්දේ Christophe Raynaud සහ Amandine Clerc-Marie විසින්. මෙහි top notes Pear, Tangerine සහ Bergamot වලින් ද, middle notes Strawberry, Vanilla orchid, Black Rose සහ Passionfruit වලින්ද base notes Praline, Caramel, Litchi, Patchouli, Vanilla, Incense, Coffee, Licorice, Coumarin සහ Papyrus වලින් ද සාදා තිබෙනවා.

සුවඳ විලවුන් ගැන පෙර ලිපි