පළමුවරට දමිළ සිනමා තරු දෙකක් සමලිංගික විවාහයකට සුදානම් වනවා. ඒ සුරූපී නිලි යුවලක් වන ට්‍රිෂා ක්‍රිෂ්ණන් සහ චාමි කොවුර්.
අපේ අසල්වැසි ඉන්දියාව සංස්කෘතිය, සම්ප්‍රදායට මුල් තැන දෙන රටවලින් එකක් ලෙස හඳුන්වන්නට හැකියි. ඉංග්‍රීසි යටත් විජිත බලපෑම් නොවන්නට දකුණු ඉන්දියානු කලාපය තුල අදටත් සති පූජාව තිබෙන්නට ඉඩ තිබුණි. ළමා විවාහ, උපතේදීම ගැහැණු දරුවන් මරා දැමීම අදටත් එහි දකින්නට නැතුවාම නොවේ. මේ අතර සම්ප්‍රදාය පසෙක දමා උඩු ගං බලා ගොස් තමන්ගේ අනන්‍යතාව ගොඩ නගා ගත් විප්ලවකාරී චරිතද ඉඳ හිට හෝ ඉන්දියාවෙන් බිහි වන්නේ අපිත් හපන්නු තමා, අපිත් අන් යට දෙවැනි නැහැ යනුවෙන් ලෝකයට ඔප්පු කරන්නට වගේ. කාමෝද්දීපන චිත්‍රපට ලෝකය තුල නමක් දිනූ කරන්ජිත් කොවුර් නැතිනම් සනී ලියොන්, ප්‍රියා අංජලී රායි මෙවැනි චරිත. බොලිවුඩයටත් වඩා සංස්කෘතිය ඉහලින් කර පින්නාගත් දමිළ තරු අතරත් පෙරළියක සලකුණු මතුවෙලා. පළමුවරට දමිළ සිනමා තරු දෙකක් සමලිංගික විවාහයකට සුදානම් වනවා. ඒ සුරූපී නිලි යුවලක් වන ට්‍රිෂා ක්‍රිෂ්ණන් සහ චාමි කොවුර්.
බටහිර තරු අතර නම් මෙවැනි සම ලිංගික සම්බන්ධතා වගේම විවාහයන් අරුම දේවල් නොවේ. ඉන්දියානු තරු අතරත් මෙවැනි දේ පෞද්ගලික ජීවිතය තුල තිබුනත් එය විවාහයන් වැනි බැඳීමක් කරා ප්‍රසිද්ධියේ ගෙන යන අවස්ථා විරලයි. 32 වන වියේ සිටින චාමි කොවුර් මෙන්ම 36 හැවිරිදි ට්‍රිෂා තම වෘත්තීය දිවියේ ස්ථාවරයකට පත් වූ නිළි යුවලක්. විටින් විට ක්ෂේත්‍රය තුල මෙන්ම ඉන් පිටතත් විවිධ සහකරුවන් හා සම්බන්දකම් පිලිබඳ කටකතා පැතිරුණත් ස්ථිර විවාහයක් තෙක් පැවති සම්බන්ධකම් මේ දෙදෙනාගෙන්ම දකින්නට ලැබුනේ නැති තරම්. පසුගිය මැයි 04 දින ට්‍රිශාගේ 36වන උපන්දිනය දා Twitter පණිවිඩයක් මගින් ප්‍රසිද්ධියේම තම විවාහ යෝජනාව ඉදිරිපත් කරන්නට චාමි කටයුතු කර තිබුණා. ට්‍රිෂා ද සතුටින් එය පිළිගත් බව එහි දක්වා තිබුණා. ජනප්‍රිය තරු යුවලක මෙම තීරණය එක අතකින් හණමිටි සමාජ මතවාද වලට එල්ල වුනු පහරක්. අනෙක් අතට සමලිංගික ඇසුර හා විවාහයන්(එතෙක් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 පරිච්ඡේදයට අනුව දණ්ඩනීය වරදක්ව පැවති) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් 2018 සැප්තැම්බර් 06 දින පිළිගැනීම මගින් මේ යුවලට විවාහයකට තිබූ නීතිමය බාධාවද ඉවත්ව තිබෙනවා තිබෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…