බොලිවුඩ් සිනමාව පතාක යෝධයින් සේ සැලකෙන කපූර් පවුලේ තවත් දැවැන්තයෙක් අද ජීවන රඟ මඩලට සමු දුන්නා. ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු මෙන්ම ඊටත් වඩා ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස ජනදාරයට පත් රිෂි කපූර්.
බොලිවුඩ් සිනමාව පතාක යෝධයින් සේ සැලකෙන කපූර් පවුලේ තවත් දැවැන්තයෙක් අද ජීවන රඟ මඩලට සමු දුන්නා. ඒ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, නිෂ්පාදකයෙකු මෙන්ම ඊටත් වඩා ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස ජනදාරයට පත් රිෂි කපූර්. මිය යන විට 67 වන වියේ පසුවූ රිෂි කපූර් කලක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳි අයෙක්.
හින්දි සිනමාවේ දැවැන්තයෙකු වූ රාජ් කපූර්ගේ පුත්‍රයෙකු වූ රිෂි කපූර් සිය පියා සහ බාප්පාවරුන් වූ ශම්මි කපූර්, ශෂී කපූර් යන අයගේ මග යමින් ලාබල වියේ දීම සිනමා ලෝකයට පිවිසියා. සිය පියාගේ Shree 420 චිත්‍රපටය තුලින් පළමු රංගනය ඉදිරිපත් කරන විට ඔහුගේ වයස අවුරුදු 3ක්. ඒ 1955දී. මේරා නාම් ජෝකර් හි සිය පියාගේ තරුණ කාලය නිරූපණය කළ රිෂි පළමුවරට ප්‍රධාන චරිතයකට යොමු වන්නේ 1973 Bobby චිත්‍රපටයෙන්. එතැන් සිට එක් යුගයක හින්දි රිදී තිරයේ ආදරණීය ප්‍රේමවන්තයා වූයේ ඔහුයි. Khel Khel Mein (1975), Kabhi Kabhie (1976), Amar Akbar Anthony (1977), Karz (1980), Nagina(1986) සහ Chandni (1989) ඔහුගේ ප්‍රබල රංගනයන් සටහන් වුණු චිත්‍රපට කීපයක්. පසුකාලීනව වැඩිහිටි චරිත සමගින් රංගනයට දායක වූ ඔහු ඒ සාම චරිතයකටම උපරිම සාදරණය ඉටු කොට තිබුනා. රිෂි කපූර්ගේ අවසන් රංගනය ලෙස අපට හමු වන්නේ 2019 The Body චිත්‍රපටයයි.
ප්‍රවීණ නිළි නිතු සිංග් හා 1980දී යුග දිවියට පිවිසි රිෂි කපූර් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහුගේ එකම පුතු රන්බීර් කපූර් නව පරපුරේ සුපිරි නළුවෙකු ලෙස හඳුන්වන්නට පුළුවන්. අද උදෑසන මුම්බායි හි රෝහලකදී අභාවප්‍රාප්ත වූ රිෂි කපූර් ගේ අවසන් කටයුතු පවුලේ ඥාතීන් සහ ක්ෂේත්‍රයේ සමීපතම සගයින් කීප දෙනෙකුගේ සහභාගිත්වයෙන් අද සිදු කෙරුණා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…