මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරත් සමග ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 4000ක් ඉක්මවා තිබෙනවා. අද දින පමණක් වාර්තා වුණු රෝගීන් ගණන 708ක්. ඒ එක් දිනයක් තුල ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ, ගනේමුල්ල, කිරිඳිවැල, දොම්පේ, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කැළණිය පොලිස් කොට්ඨාසයට අයත් ජාඇළ සහ කඳාන පොලිස් බල ප්‍රදේශවලට බලපවත්වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.