
ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා මරණය…😞😞😞
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් අතුරින් පළමු මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
අලුත්ම ලිපි සහ විශේෂාංග

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් අතුරින් පළමු මරණය මීට සුළු මොහොතකට පෙර සිදු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.

ආසාදිතයින් 532,936 ක්. මරණ 24,095 ක්. ඇමෙරිකාව පළමු තැනට. රෝගීන් 85,604ක් සමග කොරෝනා ආසාදිතයින් ලැයිස්තුවේ පළමු තැනට පැමිණ ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු පවා COVID-19 ආසාදිතයෙකු බව නිල වශයෙන් ප්‍රකාශ කළා. මොනාකෝ හි රජු ඇල්බට් කුමරු කොරෝනා ආසාදනය වූවෙකු බව මින් පෙර ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ මෙතෙක් හඳුනා ගත් කොරෝනා රෝගීන් ගණන 100ක් ව තිබෙනවා. මෙය අධි අවදානම් තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.

ඔබ පසුගිය සති දෙක ඇතුළත;විදේශ රටක සංචාරය කොට ලංකාවට පැමිණියේ නම් හෝ,Covid-19 ආසාදිතයෙකු හෝ අසාදිත යැයි සැක කරන්නෙකු රැඳී සිටි ස්ථානයක ගැවසුණේ නම් හෝ ඇසුරු කලේ නම්,සිය නිවසේ දීම ස්වයං නිරෝධායනය සඳහා පහත පියවර අනුගමනය කරන්න.

කොළඹ, ගම්පහ, පුත්තලම සහ උතුරු පළාත හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක වලට පනවා තිබු ඇඳිරි නීතිය අද(23) අලුයම 6.00ට තාවකාලිකව ඉවත් කළා. එය නැවත අද දහවල් 2.00ට පැනවුණු අතර, සෙසු ප්‍රදේශවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අයුරු ජනාධිපති කාරයාලය මගින් විශේෂ නිවේදනයක් ලෙස නිකුත් කළා. මේ අතර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තහනම් කර තිබෙනවා.

මේ මොහොත වන විටත් COVID19 බිලිගත් ජීවිත ගණන 14,698ක්. ඊයේ(22) දිනය තුලද මරණ 651 වාර්තා වුණු ඉතාලියෙන් මේ වන විට ජීවිත 5,476 කොරෝනා මාරයාට බිලි වී අවසන්.

අද දවස(21) වන විට කොරෝනා මාරයා බිලිගත් ජීවිත ගණන දොළොස් දහස ඉක්මවා ගියා. මේ ලිපිය සකස් කරන මොහොත විට ඒ ගණන 12,948ක්. වාර්තා වුණු මුළු අසාදිතයින් ගණන 301,225ක්. මරණ සංඛ්‍යාව අතින් පළමු තැන සිටින්නේ ජීවිත 4,825ක් අහිමි වූ ඉතාලියයි.

ලොව පුරාම කොරෝනා මරණ 11,417 වාර්තා වෙද්දී ගතවූ පැය 24 තුල පමණක් ඉතාලිය තුල වාර්තා වූ මරණ සංඛ්‍යාව 627ක්.

මෙරට නව කොරෝනා වෛරසය ආසාදිත ගණන 65 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අංශ නිල වශයෙන් ප්‍රකාශ කර සිටියා.

අද(20) පස්වරු 6.00 සිට 23 වැනි සඳුදා පෙරවරු 6.00 තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවන බව රජය නිවේදනය කර තිබෙනවා.