Bit, Byte වැනි වචන සමග නිතැතින්ම අපේ මතකයට නැගෙන්නේ පරිගණක ලෝකය…විශේෂයෙන්ම පරිගණක හා වීඩියෝ ක්‍රීඩා ලෝකය…අද තරම් තාක්ෂණය දියුණු නැති ඒ කාලේ තිබුණ 8bit Pixel වලින් සැදුණු කොටු කොටු රූප සහිත පරිගණක සහ වීඩියෝ ක්‍රීඩා අදටත් අපේ මතකයෙන් ගිලිහී ගිහින් නෑ. මේ Pixel කාන්තා යට ඇඳුමටත් ඇවිත්…පොඩ්ඩක් sexy විදියට ඉන්න කැමති අපේ Geek කෙල්ලන්ට මේක හොඳ පණිවිඩයක් වේවි. මොනවද මේ Pixel Panties?

Cesária & Sebastião මෝස්‌තර නිර්මාණ ශිල්පීන් යුවල Pixel පෑන්ටීස් වල නිර්මාතෘවරු වනවා. Gaming Console එක්ක ගෙවුණු රැයකින් පසු Cesáriaගේ හිතේ ගොඩ නැගුණු මේ අපූරු අදහස අද වන විට ලොව පුරා සරාගී යුවතියන් රැසකගේ විලාසිතාවක් වෙලා.

Maison Pixel ආයතනය අදවන විට මේ Pixel Panties, Thongs, Bras සහ Swimsuit ලොව පුරා අලෙවි කරනු ලබනවා. Instagram, Facebook වගේ සමාජ ජාලවල ලොව පුරා සිටින ජනප්‍රිය සරාගී නිරූපිකාවන් විසින් තම Pixel Panty ඡායාරූප එක් කර තිබෙනවා දකින්නට පුළුවන්.

Cesária & Sebastião