සිංහල සිනමා වංශ කතාවේ නොමැකෙන සලකුණක් සනිටුහන් කළ, චිත්‍රපට ගී පන්දහසකට අධික ප්‍රමාණයක් ගායනා කළ ප්‍රවීණ ගායිකා ඇන්ජලින් ගුණතිලක මහත්මිය අද දහවල් අභාවප්‍රාප්ත වුවා. කලක් රෝගාතුරව පසුවූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභවප්‍රාප්ත වන විට 79වන වියේ පසු වූවා. හෙළ සිනමාවේ රිදී සීනුව ඇන්ජලින් ගුණතිලක මහත්මියනි…ඔබට සුව නින්දක්!

Credits : Gaiya-ගයියා productions