අද දවස(21) වන විට කොරෝනා මාරයා බිලිගත් ජීවිත ගණන දොළොස් දහස ඉක්මවා ගියා. මේ ලිපිය සකස් කරන මොහොත විට ඒ ගණන 12,948ක්. වාර්තා වුණු මුළු අසාදිතයින් ගණන 301,225ක්. මරණ සංඛ්‍යාව අතින් පළමු තැන සිටින්නේ ජීවිත 4,825ක් අහිමි වූ ඉතාලියයි.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 77 දක්වා ඉහල ගිහින්. කොරෝනා වසංගතය පැතිරෙන පරිදි ආගමික මෙහෙයන් පවත් වූ පූජකයෙකු නිසා යාපනය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් විශාල ප්‍රමාණයක් සිටී යයි සැකයක් ද මතු වෙලා. මේ අතර කොළඹ, ගම්පහ සහ පුත්තලම ප්‍රදේශවලට පනවා තිබු ඇඳිරි නීතිය එළඹෙන අඟහරුවාදා(24) තෙක් දීර්ඝ කරන්නට රජය තීරණය කළා. මේ අවස්ථාවේ රජය සහ මාධ්‍ය මගින් ලබා දෙන උපදෙස් නිසි පරිදි අනුගමනය කරමින් හැකිතාක් නිවෙස්වලටම වී සිටීමෙන් මේ උවදුර සෑහෙන ප්‍රමාණයකට පැතිරීමට ඇති ඉඩ අහුරා දැමීම අප, ඔබ සැමගේම යුතුකමක්. වගකීමක්.

Source: #PinkList