ඇඳිරි නීතිය ඉවත් කළ විට කඩේ යන්න කලින් මේ ගැන වග බලාගන්න.


1.අත්‍යවශ්‍ය දෙයකට මිස වෙළඳසැලකට යන්න එපා. හැකිතාක් සෙනඟ අඩු වෙළඳසැල් තෝරාගන්න.

2. නිවසෙන් එක් අයෙක් පමණක් යන්න, තරුණ නිරෝගී කෙනෙක් වඩාත් සුදුසුයිනිවසෙන් පිටත සිටින කිසිම වෙලාවක මුහුණ අල්ලන්න එපා. අතේ ඇති විෂබීජ, ඇස කන නාසය තුළින් ශරීරයට ඇතුළු විය හැකියි.

3. හැකි සෑම අවස්ථාවකම දෑත් පිරිසුදු කරගන්න. නැවත නිවසට ඒමට පෙර දෑත් හොඳින් සබන් ගා සෝදා ගැනීමට අමතක කරන්න එපා.

4. මේ අය පිටතට යන එක අවම කරගන්න-අවුරුදු 60ට වැඩි අය-ඇදුම වැනි ශ්වසන අපහසුතා ඇති අය-හෘද රෝග ඇති අය-දියවැඩියාව ඇති අය-නොයෙකුත් දිගුකාලීන රෝග ඇති පුද්ගලයන්


වැඩි විස්තර සඳහා සුවසැරිය දුරකථන සේවය අමතන්න – 1999

**සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පණිවිඩයක්