අද වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු ගණන මිලියන 3 ඉක්මවා තිබෙනවා. එය මේ මොහොත වන විට 3,019,246ක්. මුළු COVID-19 මරණ ගණන 208,112ක්. වැඩිම මරණ ගණන වාර්තා වන ඇමෙරිකා එකසත් ජනපදය තුල පමණක් මේ වන විට ජීවිත 55,499ක් අහිමිව තිබෙනවා. ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය යන රටවල් COVID-19 මරණ 20,000 ඉක්මවූ රටවල් අතරට එක්ව තිබෙනවා. ඇමෙරිකාවේ පමණක් ආසාදිතයින් 990,021 වාර්තා වන අතර ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 229,422 වාර්තා වනවා.