ලෙබනනයේ උපන් අද වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන මියා කලීෆා ජනප්‍රිය සමාජ ජාල චරිතයක්. ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. නමුත් ඔබ සැම කෙනෙකුම වගේ අයව හඳුනන්නේ කාමෝද්දීපන චිත්‍රපට නිලියක් ලෙස. 2014-15 කාලය තුල එම ක්ෂේත්‍රයේ ඉහලින්ම වැජඹුණු නමක් ලෙස මියාගේ නම සඳහන් වනවා. තරමක් දැඩි ආගමික නීතිවලින් පිරුණු ලෙබනනය වැනි රටක ඉපිද මෙවැනි ක්ෂේත්‍රයක ජනප්‍රිය නමක් ගොඩ නගා ගැනීම ඇයට විශාල අභියෝගයක් වුණා. පසු කාලීනව කාමෝද්දීපන චරිත රඟපෑමෙන් බැහැර වී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක හා සමාජ මාධ්‍ය තරුවක් ලෙස ඇය කැපී පෙනෙන්නට වුණා. අද අපි මියා කලීෆා ගැන කතාකරන්නේ ඇය තම ජීවිතයේ තීරණාත්මක මෙන්ම සතුටුදායක පියවරක් ගැනීම ගැන සඳහන් කිරීමටයි.

https://www.instagram.com/p/Bu-TALhF5tB/

මියා කලීෆා විවාහ ගිවිසගෙන. ඇය හා අතිනත ගන්නට වාසනාවන්ත වී ඇත්තේ ස්වීඩන් ජාතික සූප වේදියෙකු වන රොබට් සෑන්ඩ්බර්ග්. Pornhub වෙබ් අඩවියේ අංක එක ස්ථානයේ පසු වූ මියාගේ දෙවන විවාහය ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. 2011දී පළමු විවාහයට පත් ඇගේ පළමු සැමියා වූයේ පාසල් සමයේ පෙම්වතා. 2016 දී ඔවුන් දෙදෙනා දික්කසාද වූ අතර මිය තම,දෙවන විවාහය මහත් සතුටින් බලාපොරොත්තු තබා සිටින බව ඇගේ Instagram ගිණුමේ සඳහන් කර තිබෙනවා. එසේ නම් ඇයට සුබ මංගලම්.

Photo Credit : www.instagram.com