ඒ ඇය…

නිශාන්ත යටගම්පිටිය

සඳ-තරු, ඔබ-මම

සංවරව අසංවර වීමි!

තිසරතුඩු සුදු මුඳු – උස්ව නැගි ගිර මත
සියක්වර සියක් චුම්බන තබමි

ලා තඹ පාට මල්‍ රේණු තල මත – සැනින් එසැනින් පිපෙන තුෂර බිඳු
ලවන් පහසින් කිති කවමි

සහස් රැලි සරැලි නංවන – කලුදිය පොකුණ අසබඬ
හැංගිච්ච දිය උල්පතකින් පවස නිවාගමි

සංතෘප්තියේ සිහින් මැතිරිල්ල – නින්නාද දෙන මොහොතක
ශිශිරතම ගින්නකින් ඇවිලෙමි

***උපුටා ගැනීම සොඳුරු සඳවතී බ්ලොග් පිටුවෙනි. ඔහුට/ඇයට අපගේ හද පිරි ස්තූතිය.

***උපුටා ගැනීම මුහුණු පොතෙනි. මෙම නිර්මාණයේ හිමිකරුට අපගේ ස්තූතිය.

හැමදාමත් ආදරයෙන් අපත් එක්ක රැඳිලා ඉන්න ඔබ වෙනුවෙන් අපෙන් පුංචි ඉඩක් වෙන් කරන්නට හිතුවා. ඒ ඔබේ හීනවලට. ඔබේ නිර්මාණවලට. හිතේ හැංගිලා තියන ආදරණීය මතක අහුරුත් එක්ක ජීවත් වන ඔබටම වෙන් වුණු අතීත කතාවන් ඇති. නැතිනම් හිත මුල්ලක හැමදාමත් හීන මල් කැකුළු පූදින බලාපොරොත්තු ගොන්නක් තියනවා ඇති. ඒ සියල්ල අපි එක්ක, ලෝකය එක්ක බෙදාගන්න, ඔබේ සැඟවුණු කුසලතා එළිදක්වන්න තෝතැන්නක්…අපේ සයිබර් අවකාශයේ ඉඩක් සෑම සිකුරාදාවකම “හීන තොටුපල” නමින් ඔබ, අප එකතු කරාවි. අපේ විද්‍යුත් තැපැල් ලිපිනය editor[at]zestgirls[dot]com වෙතට නැතිනම් මුහුණුපොතේ අපේ නිල පිටුවට https://www.facebook.com/zestgirls.lk/ , අපේ සමූහයටhttps://www.facebook.com/groups/zesgirlslk/ ඔබේ කවි, නිසඳැස් යොමු කරන්න. “හීන තොටුපල” ඒ වෙනුවෙන්මයි.ඉතින් ගොඩවන්න…හීන තොටුපලට….සමනල පියාපතක ලියා දේදුන්නේ පාටින් හැඩ කළ ඔබේ නිර්මාණත් එක්ක…

කවර පින්තුරය උපුටා ගැනීම : Image by Peggy Choucair from Pixabay